ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා මූලස්ථානය සහ ගුවන් හමුදා කොළඹ කඳවුරු පරීක්ෂණය සිදු කරන ලදී
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් 2022 නොවැම්බර් 16 වන දින ගුවන් හමුදා මූලස්ථානය සහ ගුවන් හමුදා කොළඹ  කඳවුරු පරීක්ෂාව සිදු කරන ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුරේෂ් ප්‍රනාන්දු මහතා විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගැනීමෙන් අනතුරුව උත්සවාකාරයෙන් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් දෙදෙනෙකු  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කළ විශිෂ්ඨ සේවය අගයමින් ගුවන් හමුදාධිපතිතුමන් අතින් ප්‍රශංසා ලබා ගන්නා ලදී. ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

බළලත් නිලධාරි ඒඒඑස්පී අත්තනායක (දන්ත කාර්මික I)
බලපංති සැරයන් හේනේගම ඩි.ආර්.ඩබ්.එන්.එම්.බි.(විනයාරක්ෂක I)

ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා මූලස්ථානයේ සියලුම අධ්‍යක්ෂ කාර්යාල සහ අනෙකුත් ප්‍රදේශ පරික්ෂා කරන ලදී. ගුවන් හමුදා මූලස්ථාන පරීක්ෂාව අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් කොළඹ ගුවන් හමුදා කඳවුර වෙත පිටත්ව ගිය අතර එහිදී  අණදෙන නිළධාරී විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගන්නා ලද අතර, ඔහු සම්ප්‍රාප්ත වීමත් සමග උත්සවාකාරයෙන් මාර්ගපෙළ උත්තමාචාරයක් පිරිනමන ලදී.අනතුරුව එම කඳවුරු පරීක්ෂාව සිදු කරන ලදී.

පරීක්‍ෂණය අවසානයේ, ගුවන් හමුදාධිපතිතුමන් සහ නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තා සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟ  දිවා ආහාරය සඳහා ගුවන් භටයින්ගේ භෝඡනාගාරයේ අසුන් ගන්නා ලදී. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් කොල්ලුපිටියේ පිහිටි නිල නිවාස සංකීර්ණය පරීක්ෂණය සදහා පිටත්ව යන ලදී. ඉන් අනතුරුව ගුවන්පුර ගුවන් හමුදා රෝහල, ප්‍රවාහන අංශ සංකීර්ණය සහ විවාහක නිවස්න සංකීර්ණය පරීක්ෂා කළේය.

ගුවන් හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයෙන් පිටත්ව ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගොස් අවසානයේ තුම්මුල්ල ගුවන් හමුදා නිලධාරීන්ගේ  භෝඡනාගාර පරිශ්‍රයෙන් මෙම වසරේ කඳවුරු පරීක්ෂාව අවසන් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි