ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ පෙළපාලිය 2022 දෙසැම්බර් 19 වන දින පෙළපාළි භූමියේදී සිදු කරන ලද අතර එහිදී නික්මයන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඒ.වි ජයසේකර නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් එස්.ඩි.ඡි.එම් සිල්වා නිළධාරීතුමන් හට නව තනතුරේ වැඩ භාරදෙන ලදී.
නික්ම යන නිළධාරී එයාර් කොමඩෝර් ඒ.වි ජයසේකර ගුවන් හමුදා මූලස්ථානය වෙත පිටත්ව යාමට නියමිත අතර එහිදී ඔහු විදේශ පුහුණුවක් සඳහා පිටත්ව යාමට නියමිතව ඇත.එම නිළධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අණදෙන නිළධාරීවරයා ලෙස පත්වීමට පෙර ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ගුවන් මාණ්ඩලික නිලධාරි ලෙස තනතුර දරන ලදී.