ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරිවරයෙක් පත්කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගයේ නව අණදෙන නිළධාරි තනතුර භාරදිම සහ භාරගැනිමේ සම්ප්‍රදායික පෙළපාළිය 2023 ජනවාරි 17 වන දින කඳවුරු පරිශ්‍රයේදී සිදුකරන ලදී. එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල්ඒඩී ප්‍රසන්න විසින් විංග් කමාන්ඩර් එම්.ඒ.එස් හේෂාල් වෙත නව තනතුර භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිළධාරිතුමන් 2021 සැප්තැම්බර් 13 වන දින අණදෙන නිලධාරි තනතුර භාරගත් අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී තනතුර භාරගැනිමට නියමිතව ඇත.
විංග් කමාන්ඩර් හේෂාල් නිළධාරිතුමන් නව අණදෙන නිළධාරී තනතුර භාරගැනීමට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II තනතුරෙහි සේවය කර ඇත.