ශ්‍රී ලංකා ගුවන් හමුදාව සාර්ථක පරම්පරාවක මහිමය සමරයි
පරාර්ථකාමීව රට පෙරට තැබූ දේශයේ දූ පුතුන්ගේ දහදිය, ලෙයින්, කඳුළින් වසර 72ක අභිමානවත් දායාදයක් සමඟින් ජාතියට ඉටුකළ අභිමානවත් සහ ගෞරවනීය සේවාව සමරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සම්ප්‍රදායික කොක්ටේල් සංග්‍රහය පවත්වන ලදී. මෙම උත්සවය 2023 මාර්තු 01 වන දින අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් භෝජන සංග්‍රහ සහ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර මෙම සැඳෑව අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ඔහුගේ ආර්යාව වන චාමිණි පතිරණ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ සන්ධ්‍යාව වෙත පැමිණියහ. ගුවන් හමුදාධිපතිතුමා විසින් යෝජනා කරන ලද සව්දිය පිළිගැන්වීමෙන් අනතුරුව සංවත්සර කේක් කැපීමෙන් උත්සවය ආරම්භ විය.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්ම මහත්මීහු ද, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි, විශ්‍රාමික නිළධාරීන්, ගුවන් හමුදා කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන්, විදේශීය ප්‍රභූවරුන්, සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම උත්සව අවස්ථාවට සහභාගී විය.