ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරනමඩු කඳවුරු වාර්ෂික පරික්ෂාව ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලබයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් 2023 මාර්තු 31 වන දින ගුවන් හමුදා ඉරණමඩු කඳවුරු පරීක්ෂාව සිදු කරන ලදී.

අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්පීඑස් මාරප්පෙරුම විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර, එහිදී ගුවන් හමුදාධිපතිතුමන් වෙත  උත්සවාකාරයෙන් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

පරීක්‍ෂණය කඳවුරු මූලස්ථානයෙන් ආරම්භ වූ අතර, ගුවන් හමුදාධිපතිතුමන් කදවුරේ සියලුම අංශවලට ගොස් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් සමඟ සුහද සාකච්චාවකද නිරත විය.

අවසාන වශයෙන්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරේ සිටි සියලුම සේවා නිලධාරීන් ඇමතූ අතර, අභියෝගාත්මක කාලවලදී ජාතියට සහ විශේෂයෙන් ගුවන් හමුදාවට ඔවුන් කළ කැපවීමෙන් කළ සේවයට ස්තූතිය පුද කරන ලදී,


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි