ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ඡායාරූප කුටිය සහ බීම වෙළදසල විවෘත කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ සුරතින් 2023 අප්‍රේල් 06 වන දින රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයේදී ඡායාරූප කුටිය සහ බීම වෙළදසල විවෘත කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජයග්‍රහණ ප්‍රදර්ශනය කිරීමට පමණක් නොව තරුණ මනසට ද ප්‍රබෝධයක් ලබා දෙන ප්‍රමුඛතම ගුවන් හමුදාව සතු අංගනයකි. නරඹන්නන් බොහෝ විට තම සංචාරයේ අවස්ථා කැමරාවේ සටහන් කර ගනු දක්නට ලැබෙන අතර, මෙම ව්‍යාපෘතිය මගින් කෞතුකාගාරයට බාහිර නරඹන්නන් වැඩි වශයෙන් ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාගේ මගපෙන්විමකට අනුව ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අමල් පෙරේරා සහ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් චරිත් බෝධිසීල යන අයගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිණී ශර්මිලා සමරනායක මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු, ගුවන් හමුදා රත්මලාන කඳවුරේ නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ.