මෙහෙයුම් භූමි වෘත්තීකයන් සඳහා උපදේශන හුරුපුරුදු පුහුණු වැඩසටහනක් පවත්වනු ලබයි
6:30pm on Monday 29th May 2023
මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලීම පරිදි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2023 මැයි 10 වන දින සිට මැයි 26 දක්වා දින 16 ක උපදේශන හුරුපුරුදු වැඩසටහනක් කටුනායක ගුවන් හමුදා රෝහලේදී පවත්වන ලදී. මෙම වැඩසටහන සදහා මෙහෙයුම් භූමි වෘත්තීය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ කදවුරු නියොඡනය කරමින්  කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් සහභාගී විය.

මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වූයේ අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දීමේදී නොපමාව සහය සහ මග පෙන්වීම ලබා දීම සඳහා ඔවුන් පුහුණු කරන ලද අතර එමඟින් විවිධ වෘත්තීය සහ  සමාජීය ගැටළු විසඳීමට කටයුතු කරන ලදී. උපදේශනය පිළිබඳ හැඳින්වීම, උපදේශනයේ ආචාර ධර්ම, ගැටළු හඳුනාගැනීම, සම්මුඛ පරීක්ෂණ කුසලතා, අසාමාන්‍ය හැසිරීම් අවබෝධ කර ගැනීම ඇතුළු මාතෘකා මෙම වැඩමුළුවට ඇතුළත් විය.

දේශන සහ ප්‍රායෝගික අභ්‍යාස යන දෙකෙන්ම සමන්විත මෙම පුහුණු වැඩසටහන ගුවන් හමුදා පළපුරුදු මනෝවිද්‍යාඥයින් වන විංග් කමාන්ඩර් සුසිල් ප්‍රේමරත්න, විංග් කමාන්ඩර් කේපීඑස්එස් ලක්ෂ්මි, විංග් කමාන්ඩර් චන්දන ඒකනායක, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් අරෝෂ රාජපක්ෂ සහ ෆ්ලයින් භාෂිනි බණ්ඩාර යන මහත්ම මහත්මීන් විසින් පවත්වන ලදී.වැඩසටහන අවසන් වූ පසු සහභාගිවන්නන් ඇගයීම් ක්‍රියාවලියකට භාජනය කරන ලද අතර, අවශ්‍යතා සාර්ථකව සපුරාලන අයට උපදේශන හුරුපුරුදු පුහුණුව සම්පූර්ණ කළ බවට සහතිකයක් ප්‍රදානය කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි