ශ්‍රී ලංකා මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
10:52am on Tuesday 30th May 2023
ශ්‍රී ලංකා මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝව් බෝ මහතා 2023 මැයි 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

නිළ හමුවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක කර්නල් ගාඕ බින් මහතා ද සහභාගි විය. සංචාරය සනිටුහන් කිරීම සඳහා ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද මෙහිදී සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි