ගුවන් හමුදාධිපතිතුමන් හමුදා ක්‍රීඩා සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දීම වෙනුවෙන් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ “නිලධාරි” යන නාමයෙන් පිදුම් ලබයි.
10:54am on Tuesday 30th May 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) කුසලතා අනුපිළිවෙලෙහි “නිලධාරී” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. මෙම උත්සවය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ සහභාගිත්වයෙන් 2023 මැයි 29 ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදී.
 
එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සිය සේවා කාලය තුල ශ්‍රී ලංකාවේ හමුදා ක්‍රීඩාවේ දියුණුවට සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත. ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔහුගේ නායකත්වය ආරක්ෂක ප්‍රජාව තුළ ක්‍රීඩාව පෝෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඉවහල් වී ඇත. , 4 වන CISMලෝක හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2022 සාර්ථකව ඔහුගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා 2017 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය දරන ලද 11 වැනි CISM ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා සංවිධායක කමිටුවේ උප සභාපතිවරයා ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි