ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුර 16 වැනි සංවත්සරය සමරනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුර 2023 ජුනි 01 වන දින සිය 16 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය. අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් වජිර ජයකොඩි විසින් සමාලෝචනය කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සංවත්සර සැමරුම ආරම්භ විය.

සංවත්සර උත්සවයට සමගාමීව 'අපේ ළමයි' ළමා නිවාසයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර 2023 මැයි 29 වන දින දෙවන ඇතුල්වීමේ පිවිසුමේ සිට 'වේද හන්දිය' දක්වා මාර්ගය එළිපෙහෙළි කරන ලදී. තවද, 2023 මැයි 31 වන දින 'අපේ ළමයා' ළමා නිවාසයේ දී වියළි සලාක බෙදා දෙන ලදී.
 
සියලුම සේවා නිලධාරීන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන්  සුහද ක්‍රිකට් තරගාවලියක්ද පවත්වන ලද අතර  සියලු නිලයන් සඳහා දිවා ආහාරය ලබාදීමෙන් අනතුරුව සංවත්සර සැමරුම අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි