ගිනි රථ නඩත්තු කිරීමේ බලඝණය, ගිනි නිවීමේ පාසලේ ගිනි නිවන භට පුනරුත්ථාපන පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය
ගුවන් හමුදා විශ‍්‍රාමික පිරිස් සඳහා ගිනි නිවන භට පුනරුත්ථාපන පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ෙ2023 ජුනි 02 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ පාසල සහ ගිනි රථ නඩත්තු කිරීමේ බලඝණයේදී (FS&FTMS) පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා සහභාගී වූ අතර සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයෙන් අනතුරුව පාඨමාලා සහභාගිවන්නන් විසින් ගිනි නිවීමේ සංදර්ශණයක් පවත්වන ලදී.
කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එල් එච් සුමනවීර ගේ අනුදැනුම යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී මාස දෙක හමාරක් පුරාවට මනාව සකස් කරන ලද විෂය නිර්දේශයක් අනුව මෙම පාඨමාලාව පවත්වන ලදී. පුහුණු වැඩසටහන ගෘහස්ථ ගිනි නිවීම, ගිනි සේවා ඉංජිනේරු විද්‍යාව, ගිනි සේවා මෙහෙයුම්, හුස්ම ගැනීමේ උපකරණ, ගිනි හඳුනාගැනීම් සහ ආරක්ෂණ පද්ධති, ගිනි සේවා පොම්ප, ගිනි වැළැක්වීම සහ කඹ මගින් ගලවා ගැනීම වැනි නිර්දෙෂ පිළිබඳව අවධානය යොමු කරන ලදී. මෙම පුහුණු වැඩසටහන අවසානය පුහුණුවන්නන් 13 දෙනෙකු සහතිකපත් ලබා ගත්හ.
මෙම උත්සවය සඳහා ගිනි නිවීමේ පාසලේ සහ ගිනි රථ නඩත්තු කිරීමේ බලඝණයේ අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් සී.පී. හෙට්ටිආරච්චි, බලඝණයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.