අංක 02 සහ අංක 03 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය උසස් පාඨමාලා සඳහා ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය
11:56am on Friday 9th June 2023
අංක 02 සහ අංක 03 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය (CBRNE)උසස් පාඨමාලා සඳහා ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය 2023 ජුනි 06 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය අංශය මගින් පවත්වන ලද CBRNE උසස් පාඨමාලා සාර්ථකව නිම කිරීම වෙනුවෙන් නිලධාරීන් 4 දෙනෙකු, ගුවන් භටයින් 45 දෙනෙකු සහ එක් ගුවන් කාන්තාවකගෙන්  සමන්විත අභ්‍යාසලාභීන් 50 දෙනෙකුට ඔවුන්ගේ නිල ලාංඡන ප්‍රදානය කරන ලදී.

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් මොනාලි සමරකෝන් හොඳම CBRNE පළමු ප්‍රතිචාර දක්වන නිලධාරිනියට හිමි සම්මානය ලබා ගත් අතර අංක 2 CBRNE උසස් පාඨමාලාවේ හොඳම CBRNE පළමු ප්‍රතිචාර දැක්වූ ගුවන් භටයා ලෙස කෝප්‍රල් සිල්වා සම්මානයට පාත්‍ර විය. එසේම, අංක 3 CBRNE උසස් පාඨමාලාවේ හොඳම CBRNE පළමු ප්‍රතිචාර දක්වන නිලධාරින් ලෙස ෆ්ලයින් ඔෆිසර් සුදර්ශ රුක්ෂාන් සහ සැරයන් දඳුන්නගේ සම්මාන හිමිකරගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි