අන්තර් ඒකක කරාටේ ශූරතාවලිය 2023
11:58am on Friday 9th June 2023
අන්තර් ඒකක කරාටේ ශූරතාවලිය 2023 ජූනි 06 සහ 07 යන දිනයන්හිදී පවත්වන ලද අතර, සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතා සහභාගී විය. .

පිරිමි අංශයේ ශූරතාවය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය හිමිකරගත් අතර කාන්තා අංශයේ ශූරතාවය කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් හිමිකරගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර සහ ගුවන් හමුදා රත්මලාන කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශවල අනුශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ එයාර් කොමඩෝර් ප්‍රනාන්දු, ගුවන් හමුදා කරාටේ සම්මේලනයේ සභාපති එයාර් කොමඩෝර් මුදිත මහවත්තගේ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි