ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 56 වන අදියර ඉමදුවේදී සාර්ථකව අවසන් කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා කොග්ගල කදවුර මගින් 'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 56 වන අදියර 2023 ජුනි 15 වන දින ඉමදුව, වතවාන ප්‍රාථමික විද්‍යාලයේ දී සාර්ථකව අවසන් කරන ලදී.

සිසුන් 126 දෙනෙකු පමණ මෙම පාසලේ අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ගේ පරිභෝජනයට සහ අනෙකුත් අවශ්‍යතා මෙන්ම පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ව්‍යාපෘතිය මගින් පානීය ජල පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් තිළිණ රාජපක්ෂ විසින් සිසුන් වෙත භාර දෙන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා කොග්ගල කඳවුර විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදී. මෙම උත්සවය සඳහා ගුවන් හමුදා කොග්ගල කදවුරේ නිළධාරීන් සහ සෙසු නිලයින්, විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි