නව Y-12IV ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් කිරීමට සැරසෙයි
8:40am on Friday 23rd June 2023
චීනයේ Harbin Aviation Industry Co. Ltd විසින් නිෂ්පාදනය කරන ලද නවීනතම Y-12 IV ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතින් එක්වීමට නියමිතව ඇති අතර එය චීන ජාතික ගුවන් තාක්ෂණ ආනයන සහ අපනයන සංස්ථාව සහ ශ්‍රී  ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2019 දෙසැම්බර් 16 දින අත්සන් කරන ලද ගිවිසුමක් හරහා මෙම ප්‍රසම්පාදනය සිදු කර ඇත.

මෙම නව ගුවන් යානාවන් භාර ගැනීම තහවුරු කරන නිල ලේඛනවලට පසුගිය සතියේ අත්සන් තැබූ අතර චීනයේ ජාතික ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන සංස්ථාවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Liu Chuanමහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර උත්සවය චීනයේ බීජිං නුවරදී පැවැත්විණි.තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂක ජෙනරාල් ගගන ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් රංජිත් සේනානායක මහතා ඇතුළු ගුවන් හමුදා නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.

නව Y-12 IV ගුවන් යානාවන් ශ්‍රී  ලංකා ගුවන් හමුදාවට සුවිශේෂී එක්වීමක් වන අතර එය කෙටි ගුවන්ගත කිරීම් සහ ගොඩබෑමේ (STOL) ගුවන් යානයක් වන අතර එය බහුකාර්ය සැහැල්ලු ප්රහවාහන ගුවන් යානයක් ලෙස සේවය කරයි. turboprop ද්විත්ව එන්ජිමකින් සමන්විත Y-12 IV චීනයේ HARBIN Aviation Industry Co. Ltd විසින් නිර්මාණය කර සංවර්ධනය කර ඇත.

මෙම නවතම Y-12 IV ගුවන් යානා ගුවන් හමුදාවට එක්වීමත් සමග ගුවන් හැකියාවන් වැඩි දියුණු කිරීමට සහ අති නවීන තාක්ෂනණයෙන් සමන්විත ගුවන් හමුදාවක් ලෙස ගුවන් මෙහෙයුම් සදහා දායක වනු නොඅනුමානය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි