රෙජිමේන්තු විශේෂ බලකාය (RSF) 20 වැනි සංවත්සරය සමරනු ලබයි
3:46pm on Monday 10th July 2023
රෙජිමේන්තු විශේෂ බලකාය (RSF) සිය 20 වන සංවත්සරය 2023 ජූලි 07 වන දින අභිමානවත් ලෙස සමරනු ලැබීය. ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය 2003 ජූලි 07 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද ගුවන් කඳවුරු ආරක්ෂක සහ මුදවාගැනීම් (ABDR) බලඝණයෙන් පැවත එන්නකි. 2006 වර්ෂයේදී මෙම බලඝණය රෙජිමේන්තු විශේෂ බලකාය (RSF) ලෙස වෙනස් කරන ලදී. පසුව මෙම රෙජිමේන්තු විශේෂ බලකාය මෙහෙයුම් සහ පුහුණු හැකියාවන් පුළුල් කිරීම සඳහා 2007 වර්ෂයේදී මොරවැව ගුවන් හමුදා කඳවුරට ගෙන යන ලදී.

සංවත්සර දින සැමරුම් උත්සවය අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර විසින් සමාලෝචනය කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් ආරම්භ විය. අණදෙන නිළධාරීතුමා විසින් රෙජිමේන්තු විශේෂ බලකා පක්ෂාංගයේ සමාරම්භක දිනයේ සිට මේ දක්වා එහි සංවර්ධනයට දායක වූ සියලුම නිළධාරීන් සහ සෙසු නිළයින් හට සිය සුභාශිංසන පිරිනැමූ අතර පක්ෂාංගයේ සංවර්ධනය සඳහා කැපවීම සහ සක්‍රීය දායකත්වය වෙනුවෙන් ඔවුන්ට ස්තූතිය පුද කළේය

සැමරුම් දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ රුක් රෝපණ වැඩසටහනක්ද සංවිධානය කරන ලද අතර අනතුරුව පක්ෂාංගයේ අණදෙන නිළධාරී, නිළධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියක් කඳවුරු ක්‍රීඩා පිටියේදී සංවිධානය කරන ලදී. ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

2023 ජූලි 04 සහ 05 යන දිනහන්හී පක්ෂාංගය මගින් සක්‍රිය සේවයේ යෙදී සිටියදී මියගිය රෙජිමේන්තු විශේෂ බලකා සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයින්ට සහ දරුවන්ට පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. 2023 ජුලි 06 වන දින RSF පක්ෂාංගයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර 'ජයසිරිමහා බෝධිය' සහ 'රුවන්වැලිසෑය' යන ස්ථානවල ශ්‍රමදාන ව්‍යාපාර සහ 'ජයසිරිමහා බෝධිය'අභියසදී ආගමික වතාවත් ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි