ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදාධිපති හමුවෙයි
12:40am on Monday 11th December 2023

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ඉයන් කේන්, සහකාර ලේකම් ෂාන් ස්ට්‍රග්නෙල් සහ ජෝශප් බර්න් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල දූත පිරිසක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා 2023 දෙසැම්බර් 07 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී හමුවීය..

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් මාතෘකා පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව, ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණ සිටි ප්‍රභූන් අතර, එම අවස්ථාව සිහිපත් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරු කර ගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි