ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම - 2023
12:44am on Monday 11th December 2023

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම - 2023 ඊයේ (2023 දෙසැම්බර් 08) ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත් වූ අතර, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, සභාපතිවරුන් සහ ගුවන් හමුදා විද්‍යාපීඨ, කඳවුරු සහ ස්ථාන භාර නිලධාරීන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකාරකවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකක ගීය ගායනා කිරීමත් සමග උත්සවය ආරම්භ වූ අතර ඉන් අනතුරුව සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී. ඉන් අනතුරුව, සේවා වනිතා ඒකකයේ ලේකම් ස්කොඩ්‍රන් ලීඩර් විලුදනී යටවර මහත්මිය විසින් පෙර පැවති සාමාන්‍ය සභා රැස්වීමේ වාර්තා කියවන ලදී. ඉන් අනතුරුව, සේවා වනිතා ඒකකයේ භාණ්ඩාගාරික ස්කොඩ්‍රන් ලීඩර් මනුජ අදිකාරි විසින් 2023 වසර සඳහා වන මූල්‍ය වාර්තා ඉදිරිපත් කරන ලදී. මීට අමතරව, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2023 වර්ෂයේ දී සිදු කරන ලද ප්‍රජා සේවා වගකීම් සාරාංශගත කරන ලද වීඩියෝවක් ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීම සඳහා ප්‍රදර්ශනය කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි