ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා 'ඇඉර් ඨට්ටූ 2024' සිව්වන දිනය සදහා සහභාගී වේ
'Air Tattoo 2024' අධ්‍යාපනික සහ තාක්ෂණික ප්‍රදර්ශනයේ සිව්වන දිනය 2024 මාර්තු 09 වන දින යාපනයේ මුට්‍රවේලි පිටියේදී ආරම්භ කෙරුනු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා  සහභාගි විය.

මෙම උත්සවයට හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි, යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අධිපති ටී.වයි සුන්දරාසන් මහතා ඇතුළු ප්‍රවීනයන් මෙන්ම ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලය, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි