ගුවන් හමුදා සේවා වනිතා ඒකකය 73 වැනි සංවත්සරය සමරමින් පූජනීය ‘කප්රුක් පූජා’ උත්සවය පවත්වයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සිය 73 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාවට ආශිර්වාද පතා “කප්රුක් පූජාවක්” පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික උත්සවය 2024 මාර්තු 14 වන දින සවස රුවන්වැලි සෑය අබියසදී පැවැත්විණි. සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සහාය ඇතිව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම උත්සවය පවත්වන ලදී.
සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගෙන් සහ “කප්රුක් පූජාව” සඳහා මල් පූජාවකින් සැදුම් ලත් වර්ණවත් පෙරහැර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයෙන් ආරම්භ වී රුවන්වැලිසෑය දක්වා ගමන් කළේය. කප්රුක් පූජාවෙන් අනතුරුව මහා විහාර පිරිවෙන් නියෝජ්‍ය පරිවේණාධිපති පූජ්‍ය කුඩාගලවැවේ ඝණවිමල හිමිපාණන් විසින් ධර්ම දේශනාවක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික, ගුවන් හමුදා කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයින් ඔවුන්ගේ භාර්යාවන් සමඟින්, සමස්ත ගුවන් හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී විය.