ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2024 අන්තර් සමාජ ටෙනිස් තරඟාවලියේදී දස්කම් දක්වයි
5:50pm on Tuesday 7th May 2024
අන්තර් සමාජ ටෙනිස් යුගල තරඟාවලියේ අවසන් තරඟ සහ අන්තර් සමාජ ටෙනිස් තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 මාර්තු 17 වන දින ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ටෙනිස් පිටියේ දී පැවැත්විණි.

2024 අන්තර් සමාජ ටෙනිස් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට හිමි වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ටෙනිස් කණ්ඩායම පස්වන කොටසේ තරඟාවලියේ ජයග්‍රහණය අත්කර ගනිමින් ශූරයින්ගේ කුසලානයට හිමිකම් කීවේය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා සහ අනෙකුත් සම්භාවනීය ආරාධිත අමුත්තන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි