සංස්කෘතික හුවමාරු වැඩසටහනේ එක් අදියරක් ලෙස ඉන්දියානු සන්නද්ධ හමුදා දූත පිරිසක් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සංචාරයක.      
    සංස්කෘතික හුවමාරු වැඩසටහනේ එක් අදියරක්  ලෙස නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු 120 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ත්‍රිවිධ හමුදාවේ නියෝජිත පිරිසක් (2024 ඔක්තෝබර් 02) ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සංචාරයක නිරත විය. මෙම සංචාරය ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 120 දෙනෙකු ඉන්දියාවට ගිය එවැනිම සංස්කෘතික හුවමාරුවකින් අනතුරුවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා නර්තන කණ්ඩායමේ සාම්ප්‍රදායික නර්තන අංගයක් සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දූත පිරිස උණුසුම් ලෙස පිළිගන්නා ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරේ වැඩ බලන කදවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් රංජිත් ජයවර්ධන, රණවිරු සුබසාධන අධ්‍යක්ෂ එයාර් කොමදෝරු බුද්ධික පියසිරි, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ නියෝජිතයන් ඇතුළු පිරිසක් දූත පිරිසට ආචාර කිරීමට පැමිණ සිටියහ.