ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ ගුවන් යානා අමතර ගබඩාවේ 28 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ ගුවන් යානා අමතර ගබඩාවේ එහි 28 වන සංවත්සරය 2024 නොවැම්බර් 11 දින සමරන ලදී. ගුවන් යානා අමතර කොටස් ගබඩාවේ සියලුම නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සඳහා අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ජේ.ඒ.පී.එස් ජයවර්ධන නිලධාරිතුමන් විසින් පවත්වනු ලැබූ චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සහ දේශනයකින් සංවත්සර දින සැමරුම ආරම්භ විය.

අනතුරුව ගුවන් යානා අමතර කොටස් ගබඩා පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් සියලුම කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි