ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 02 බර ප්‍රවාහන බලඝණයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ
12:16am on Monday 16th December 2024
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 2 බර ප්‍රවාහන බලඝණයේ අණදීම සම්ප්‍රදායානුකූලව භාරදීම / භාරගැනීමේ පෙළපාලිය 2024 දෙසැම්බර් 04 දින බලඝණ පරිශ්‍රයේදී සිදු විය.

නව අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඒච්.ඒම්.ඒම් සමරකෝන් නිලධාරිතුමන්  38 වන අණදෙන නිලධාරියා ලෙස ගෲප් කැප්ටන්  කෙ.ඒච්.ඩී.පී කසාගල බලඝණයේ  නිලධාරිතුමන් වෙතින් රාජකාරි භාර ගන්නා ලදී.

නව අණදෙන නිලධාරියා විසින් බලඝණයේ මෙහෙයුම් අණදෙන නිලධාරී වශයෙන් මීට පෙර රාජකාරි සිදු කරන ලදී. ගෲප් කැප්ටන් කෙ.ඒච්.ඩී.පී කසාගල ගුවන් හමුදා මූලස්ථානය වෙත යන අතර එහිදී ඔහු වැඩබලන න්‍යායන් සහ ප්‍රතිපත්ති සංවර්ධන අධ්‍යක්ෂ (Doctrine & Policy Development ) ලෙස වැඩ භාරගනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි