2024 අභියෝගතා කුසලාන පාපන්දු තරඟාවලිය සාර්ථකව නිමා වේ
ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩා විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද 2024 ගුවන් හමුදාධිපති අභියෝගතා කුසලාන පාපන්දු තරඟාවලිය 2024 දෙසැම්බර් 02 වන දින සිට 10 වන දින දක්වා පවත්වන ලදී.

තරගාවලියේ මූලික වටයේ තරග සහ අවසන් තරග 2024 දෙසැම්බර් 10 වන දින කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණු අතර එහිදී පිරිමි අංශයේ නාවික හමුදා පාපන්දු සමාජය යුද හමුදා පාපන්දු සමාජයට එරෙහිව තරග කළ අතර කාන්තා අංශයේ ගුවන් හමුදා පාපන්දු සමාජය පිලට එරෙහිව නාවික හමුදා පාපන්දු සමාජය තරග කල අතර පිරිමි අංශයේ ශූරතාවය යුද හමුදා පිරිමි කණ්ඩායම හිමිකරගත් අතර සහ  අංශයේ ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම විසින් හිමිකරගන්නා ලදී.

අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත මඅතුතා ලෙස ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා සහභාගී විය. එමෙන්ම, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුරේෂ් ප්‍රනාන්දු, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සහ පාපන්දු ක්‍රීඩාවට ලැදි ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි