ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුරේ නව අණදෙන නිලධාරියකු පත්කෙරේ.
2024 දෙසැම්බර් 24 වන දින මොරවැව ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරීයකු පත් කරන ලදී. කදවුරු පෙළපාළි භූමියේදී රාජකාරිය භාරදීමේ/භාර ගැනීමේ පෙළපාළියක් පැවැත්විය. වැඩබලන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්එම්පීසී විජේකෝන් නිලධාරිතුමන් විසින් ගෲප් කපිතාන් පීඑස් ඇලෙක්සැන්ඩර් නිලධාරිතුමන් වෙත අණදෙන නිලධාරී ධූරය භාරදෙන ලදී.
මීට පෙර පාලවි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී තනතුර දැරූ ගෲප් කපිතාන් ඇලෙක්සැන්ඩර් පෙළපාළියේදී සිය නව අණදෙන නිලධාරී ධූරය භාර ගන්නා ලදී. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අලුතින් පත් කරන ලද අණදෙන නිලධාරීතුමන් විසින් කඳවුරේ සංවර්ධනයේ සහ ප්‍රගතියේ නව පියවරක් සංකේතවත් කරමින් අඹ පැළයක් රෝපණය කරන ලදී.