ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ උපකරණ සැපයීම සහ ගිණුම්කරණ ඒකකයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ උපකරණ සැපයීම සහ ගිණුම්කරණ ඒකකයේ නව අණදෙන නිලධාරිවරයකු 2024 දෙසැම්බර් 30 දින පත් විය. සාම්ප්‍රදායික භාරදීමේ / භාරගැනීමේ පෙළපාළිය ඒකක පෙළපාළි භූමියේදී පවත්වන ලදී. එහිදී නික්ම යන අණදෙන නිලධාරි ගෲප් කපිතාන් ආර්එම්එල් රන්දෙණිය නිලධාරිතුමන් විසින් ගෲප් කපිතාන් එම්එම්ඒ මෙන්ඩිස් නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරිතුමන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා අමතර කොටස් ඩිපෝවේ අණදෙන නිලධාරි තනතුර භාර ගැනීමට නියමිතය. නව අණදෙන නිලධාරි ගෲප් කපිතාන් එම්එම්ඒ මෙන්ඩිස් මීට පෙර  ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝවේ අණදෙන නිලධාරි තනතුර දැරීය.  

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි