ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා අමතර කොටස් ඩිපෝවේ නව අණදෙන නිලධාරියකු පත්කෙරේ.
කටුනායක ගුවන් යානා අමතර කොටස් ඩිපෝවේ නව අණදෙන නිලධාරිවරයකු 2024 ජනවාරි 01 දින පත්විය. සාම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාලිය ඩිපෝ පෙළපාළි භූමියේදී පවත්වන ලදී. එහිදී නික්ම යන අණදෙන නිලධාරී ජේ.ඒ.පී.එස් ජයවර්ධන නිලධාරිතුමන් විසින් ගෲප් කපිතාන් ආර්.එම්.එල් රන්දෙණිය නිලධාරිතුමන් වෙත අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.

අලුතින් පත් කරන ලද අණදෙන නිලධාරී ගෲප් කපිතාන් රන්දෙණිය නිලධාරිතුමන් මීට පෙර කටුනායක ගුවන් හමුදා කඳවුරේ උපකරණ සැපයීම සහ ගිණුම්කරණ ඒකකයේ අණදෙන නිලධාරී තනතුර දැරීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි