අංක 3 සමුද්‍රීය බලඝණය 6 වන සංවත්සරය සමරයි
11:39am on Thursday 30th January 2025
චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ පිහිටි අංක 3 සමුද්‍රීය බලඝණය, 2025 ජනවාරි 11 වන දින සිය 6 වන සංවත්සර අභිමානවත්ව සමරනු ලැබූ අතර සිය මෙහෙයුම් සේවාවේ 28 වැනි වසර සම්පූර්ණ කරන ලදී.
සමුද්‍රීය සහ ගොඩබිම් ගුවන් නිරීක්ෂණ, ඔත්තු බැලීම්, සෙවීම් සහ මුදාගැනීම් (SAR), මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) සහ සමුද්‍රීය දූෂණ අධීක්ෂණ සහ පාලන මෙහෙයුම් ඇතුළු විවිධ මෙහෙයුම් පරාසයන් හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා බලඝණය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
සැලකිය යුතු ලෙස, බලඝණයට මෑතකදී ඕස්ට්‍රේලියානු රජයෙන් King Air 350 සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් King Air 360ER යන අති නවීන ගුවන් යානා දෙකක් බලඇණියට එක්වුනු අතර මෙමගින් බලඝණයේ මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කර ඇත.
6 වන සංවත්සර සැමරුමඅ උදෑසන පෙළපාලියකින් ආරමිභ කෙරුනු අතර, එම අවස්ථාවේදී අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිශාන්ත සෙනවිරත්න බලඝණ කාර්ය මණ්ඩලය ඇමතීය. ඔහු සිය කතාවේදී ජාතික ආරක්ෂාව සඳහා බලඝණයේ තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළ අතර එහි මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා අනාගත අපේක්ෂාවන් ගෙනහැර දැක්වීය.
අංක 3 සමුද්‍රීය බලඝණය අනාගතය දෙස බලන විට, එය වෘත්තීයභාවය සහ විශිෂ්ඨ කාර්ය භාරයක් කරමින් ජාතියේ සමුද්‍රීය ආරක්ෂාව සහ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා දායක වේ.