12 වන ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය සාර්ථකව අවසන් වෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා සම්මාන ප‍්‍රධානෝත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ඒයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් චිනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හී දී පවත්වන ලදි.
මෙහිදි ක්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගුවන් හමුදාධිපති කුසලානය වෙනුවෙන් ද ත‍්‍රිවිධ හමුදා කි‍්‍රඩක ක‍්‍රීඩිකාවන් ඊගල්ස් අභියෝගතා කුසලානය වෙනුවෙන් තරග වැදුණු අතර මෙම තරගාවළිය සදහා දෙස් විදෙස් ගෝල්ෆ් ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 120 කට අධික පිරිසක් සහභාගි විය.
මෙවර ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ පිරිමි ශුරතාවය විශ්‍රාමික විංග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන විසින් දිනාගත් අතර, කාන්තා ශුරතාවය ප්‍රවීණා දුණුවිල විසින් දිනා ගන්නා ලදි. ඊගල්ස් අභියෝගතා කුසලානය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් ක්‍රිශාන්ත ප්‍රනාන්දු විසින් දිනාගත් අතර, කාන්තා ශුරතාවය විංග් කමාන්ඩර් ලක්ෂ්මි කොටුවේගෙදර විසින් දිනා ගන්නා ලදි.
ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සඳහා මෙවරද ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය විසින් ප‍්‍රධාන අනුග‍්‍රාහක දායකත්වය සපයනු ලැබීය.