ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසලේ නව අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2025 ජනවාරි 20 වන දින සිදුකරන ලද අතර. නික්ම යන අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් ජීඩීඩීපීකේ හතුරුසිංහ නීළදාරීතුමන් විසින් වින්ග් කමාන්ඩර් එච්කේඒ ද අල්විස් නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් ජීඩීඩීපීකේ හතුරුසිංහ නිළධාරීතුමන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් සුනඛ පක්ෂාංගයේ අණදෙන නිලධාරියා ලෙස රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි