ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් සදහා සම්මාන ප‍්‍රධානය කෙරේ
10:28pm on Wednesday 9th April 2025
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මානශීලි නිපැයුම් හා නව සොයාගැනිම් ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිමට ලක්කිරිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සමිමාන ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විව් උත්සව ශාලාවේදි පැවැත්විණි.

2024 වර්ෂයේ මුල සිට අග දක්වා කාළය තුල ගුවන් හමුදාවේ එක් එක් වෘත්තින්ට අදාල විශිෂ්ඨතම ගුවන් භටයා තේරිම පිළිගත් ක‍්‍රමවේදයකට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධික්ෂණයන් යටතේ සිදුකිරිමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් පත්කරනු ලබන කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා හා ගුවන් කාන්තාව වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සම්මාන ලබන අතර නව සොයාගැනිම් හා නව නිපයුම් සිදුකරනු ලබන කාණ්ඩායම් සදහාද මෙහිදි සම්මාන පිරිනමන ලදි.
 
ඒ අනුව 2024 වසරේ ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස ගුවන් හමුදා චීනවරාය කදවුරේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ නායකත්ව කලමනාකරණ පුහුණු පාසලේ සේවය කරනු ලබන බළලත් නිලධාරී නිහාල් ප්‍රියන්ත පිදුම් ලැබු අතර විශිෂ්ඨතම ගුවන් කාන්තාව ලෙස ගුවන් හමුදා කටුනායක කදවුරේ ගුවන් යානා ඉන්ජිනේරු පක්ෂාංගයට අනියුක්තව සේවය කරනු ලබන කෝප්‍රල් හංසිකා මධුෂානි. විසින් පිදුම් ලබන ලදි.

කණ්ඩායම් අංශයෙන් "විශිෂ්ඨතම පර්යේෂණ කණ්ඩායම" ලෙස හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝණය විසින් ඉදිරිපත් කරන ලද "අඳුන" නම් (QCC) විසින් දිනා ගන්නා ලදී.මෙම සම්මානය දිනාගන්නා ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරිතුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා නිළධාරින් සෙසු නිළයන් හා සම්මාන ලැබු ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි විය.

                                     
AIRMENAIRWOMEN
Best Air Operations Tradesman
Sergeant Weerasinghe KIU
 
Best Ground Operations Tradesman
Warrant Officer RDN Priyantha
Best Ground Operations Tradeswoman
Leading Aircraftwoman Madubhashini MKH
Best Aeronautical Engineering Tradesman 
Sergeant Buddhika AGGG
Best Aeronautical Engineering Tradeswoman 
Corporal Madhushani WH
Best General Engineering Tradesman
Warrant Officer PMPGCK Weerasinghe
 
Best Electronics & Computer Engineering Tradesman 
 Flight Sergeant Dinesh MAS
Best Electronics & Computer Engineering Tradeswoman 
Leading Aircraftwoman Perera TAM
Best Logistics Tradesman 
  Sergeant Basnayake BMSB
Best Logistics Tradeswoman
 Corporal Mahagamage I
Best Administrative Tradesman  
 Sergeant Prasantha TA
Best Administrative Tradeswoman 
Sergeant Madushani LN                                 
Best Construction Engineering
Sergeant Gunarathne MASG
 
Best Health Services Tradesman
Flight Sergeant Ruwan Kumara KPD
Best Health Services Tradeswoman
Corporal De Silva DPAS
Best Provost Division Tradesman
Sergeant Sandaruwan KLC
Best Provost Tradeswoman
Corporal Wijewantha HLCM
Best Sports Division Tradesman
Flight Sergeant Kumarathunga HELP
Best Sports Division Tradesman
Corporal Rathnayaka RD
Best Performing Arts Division Tradesman
Flight Sergeant Sanjeewa NP

Best Performing Arts Division Tradesman
Corporal Dhanasekara KDMIM
                                                   

Best Support Services Tradesman
Flight Sergeant Bandara HMCW
 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි