ජෙනරාල් සර් ජෝන් කොතලාවල මහතාගේ 128 වන ජන්ම දින සංවත්සරය
නිදහස් ශ්‍රී ලංකාවේ තුන්වන අග්‍රාමාත්‍ය සහ ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අනුශාසක ජෙනරාල් සර් ජෝන් ලයනල් කොතලාවල මහතාගේ (ගෞරවනීය සහකරු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නයිට්වරයා, නීති ආචාර්ය) 128 වන ජන්ම දින සංවත්සරය 2025 අප්‍රේල් මස 04 වන දින සමරනු ලැබීය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේදී උත්සවය පැවැත්විණි.
උත්සවය ආරම්භ වූයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් ජෙනරාල් සර් ජෝන් කොතලාවල මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙනි.
සර් ජෝන් කොතලාවල අනුස්මරණ සංගමය විසින් අනුග්‍රහය දක්වන ලද ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මගින් මෙම අවස්ථාව තවත් වැදගත් විය. පිළියන්දල සර් ජෝන් කොතලාවල පාසලෙන් සහ කඳවල නවෝද්‍යා පාසලෙන් විශ්ව විද්‍යාලයේ සේවකයින්ගේ දරුවන් අතරින් තෝරාගත් සුදුසුකම් ලත් දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ අනෙකුත් සාමාජිකයින්, ජෙනරාල් සර් ජෝන් කොතලාවල මහතාගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ කැඩෙට් නිලධාරීන් සහභාගී විය.