ගුවන් හමුදා කෘෂි ඒකකය විසින් මීමැසි පාලන දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ගුවන් හමුදා කෘෂි ඒකකය විසින් එක්දින මීමැසි පාලන දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් 21 ගුවන් හමුදා කෘෂි ඒකක පුහුණු අංශයේදී පවත්වන ලදී. මෙම වැඩසටන කෘෂි ඒකකයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් දමින්ද සමරතුංග නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ පැවති අතර, මීමැසි පාලන ක්ෂේත්‍රය පිළිබඳව ගුවන් හමුදා සේවා නිලධාරීන් දැනුවත් කිරීම සහ දිරිමත් කිරීම මෙහි අරමුණ විය.

ගුවන් හමුදා මීමැසි පාලන භාර නිලධාරී විංග් කමාන්ඩර් ප්‍රසන්න රූපසිංහ නිළධාරීතුමන් විසින් සුදුසුකම් ලත් ගුවන් භට කණ්ඩායමකගේ සහාය ඇතිව දේශන පවත්වන ලදී. න්‍යායාත්මක හා ප්‍රායෝගික සැසි ඇතුලත්ව ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා මී මැස්සන් සහ මීමැසි පාලනයේ වැදගත්කම මෙම වැඩසටහන මගින් ඉස්මතු කරමින් සහභාගිවන්නන් හට මීමැසි පාලන ක්ෂේත්‍රයේ වටිනා අවබෝධයක් සහ ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි