2025 ජනාධිපති කුසලාන කැරම් ශූරතාවලියේදී ගුවන් හමුදාවට ජයග්‍රහණ රැසක්
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2025 ජනාධිපති කුසලාන කැරම් ශූරතාවලිය 2025 මාර්තු 15 වන දින සිට සිට 2025 අප්‍රේල් 27 දක්වා පැවැත්වුණු අතර එහිදී ගුවන් හමුදාව කැරම් ක්‍රීඩකයින් කැපී පෙනෙන ජයග්‍රහණ සමඟ තරඟාවලිය අවසන් කළේය.

ගුවන් හමුදා කැරම් කණ්ඩායමේ සාමාජිකාවක් වන ගුවන් කාන්තා කාවින්දි ටීජීටී කාන්තා ඒකල ඉසව්වෙන් ශූරතාව දිනා ගත් අතර ශ්‍රී ලංකා කැරම් ඉසව්වෙන් 3 වන ස්ථානයට පත්විය. එසේම, එම ඉසව්වෙන්ම ගුවන් හමුදා අනුශූරතාවය දිනා ගත් ගුවන් කාන්තා දිල්රුක්ෂි ඩබ්ලිව්ඩීඑන් 4 වන ස්ථානය සහ ගුවන් භට ෂහීඩ් එම්එච්එම් පිරිමි ඒකල ඉසව්වෙන් අනුශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කැරම් ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගත්තාය.

තවද, කෝප්‍රල් පීරිස් පීකේඑන් සහ නායක ගුවන් භට වික්‍රමසිංහ පිළිවෙලින් 4 වන සහ 7 වන ස්ථාන ලබා ගත් අතර, ගුවන් කාන්තා පීරිස් එම්එච්එම් සහ ගුවන් කාන්තා සංජීවනී පිළිවෙලින් 6 වන සහ 8 වන ස්ථාන ලබා ගන්නා ලදී.

ප්‍රතිඵල සාරාංශය
කාන්තා ඒකල ඉසව්වේ ශූරතාවය
ගුවන් කාන්තා කාවින්දි ටීජීටී

කාන්තා ඒකල ඉසව්වේ අනුශූරතාව
ගුවන් කාන්තා දිල්රුක්ෂි

පිරිමි ඒකල ඉසව්වේ අනුශූරතාව
ගුවන් භට ෂහීඩ් එම්එච්එම්

පිරිමි ද්විත්ව ඉසව්වේ අනුශූරතාව
කෝප්‍රල් පෙරේරා බීයූසී
ගුවන් භට ෂහීඩ් එම්එච්එම්

පිරිමි ද්විත්ව ඉසව්වේ දෙවන අනුශූරතාව
කෝප්‍රල් පෙරේරා ආර්එච්ඒ
නායක ගුවන් භට වික්‍රමසිංහ

කාන්තා ද්විත්ව ඉසව්වේ දෙවන අනුශූරතාව

ගුවන් කාන්තා සංජීවනී සීඑන්
ගුවන් කාන්තා නිසංසලා කේඩීඑම්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි