වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අංක 2 යාන්ත්‍රික ප්‍රවාහන අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගය 11 වන සංවත්සරය සමරයි
වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අංක 02 යාන්ත්‍රික ප්‍රවාහන අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගය 2025 අප්‍රේල් 27 වන දින සිය 11 වන සංවත්සරය අභිමානවත්ව සමරනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා, අනුරාධපුර රුවන්වැලිමහසෑයේ ආගමික වැඩසටහනක් පවත්වන ලද අතර, 2025 අප්‍රේල් 26 වන දින ප්‍රජා සේවා ව්‍යාපෘති දෙකක් සිදු කරන ලදී.

ප්‍රජා සත්කාරයේ කොටසක් ලෙස, පක්ෂාංගයේ සියලුම සාමාජිකයින්ගේ දායකත්වයෙන් බොරළුහින්න ‘ඉසිපතන සුබෝධ මෙහෙණි ආරණ්‍යය’ පිරිසිදු කිරීමේ සහ භූමි අලංකරණ ව්‍යාපෘතියක් සිදු කරන ලදී.

තවද,සැමරුමට සමගාමීව චාරිත්‍රානුකූල වැඩ පෙළපාළිය 2024 අප්‍රේල් 27 වන දින පවත්වන ලද අතර එය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ගුරුගේ නිළධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලදී. අනතුරුව පක්ෂාංගයේ සියළුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කඳවුරු පරිශ්‍රයේ පැවති සාම්ප්‍රදායික එල්ලේ තරඟයකින් දින සැමරුම් උත්සවය අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි