ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිරිසිදු හා සදාචාරාත්මක ක්‍රීඩා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වයි
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය කටුනායක ගුවන් හමුදා කඳවුරේ රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකකය සමඟ සහයෝගයෙන් මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩමුළුවක් ගුවන් හමුදා ක්‍රීඩා නිලධාරීන්, පුහුණුකරුවන් සහ සම්බාහන ශිල්පීන් සඳහා සංවිධානය කර පවත්වන ලදී. මෙම වැඩසටහන 2025 මැයි 05 දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී.
මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරෝමි පිලපිටිය සහ ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සියේ සහකාර අධ්‍යක්ෂ චමත් ශ්‍රීනික මහතා විසිනි. ඔවුන් දෙදෙනාම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරති. මත්ද්‍රව්‍ය විරෝධී ක්‍රීඩා පරිසරයක් පෝෂණය කිරීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කරන ලදී.
ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක, ගෲප් කැප්ටන් (වෛද්‍ය) ෂෙරිකා සමරසිංහ සහ පෝෂණවේදී බලඝණ නායක ටීඑස්එම් තිලකරත්න යන නිලධාරින් සම්පත්දායකයින් ලෙස දායක විය.
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩමුළුව සංවිධානය තුළ ක්‍රීඩා සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනාගත දැක්මට අනුකූලව පවත්වන ලදී. මේ තුලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිරිසිදු හා සදාචාරාත්මක ක්‍රීඩා සංස්කෘතියක් ආරක්ෂා කිරීමට කැපවී සිටීන බව පෙන්වා දෙනු ලබයි.