2025 ග්‍රෑන්ඩ් ස්ලෑම් ශ්‍රේණිගත කිරීමේ කැරම් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශිෂ්ට ජයග්‍රහණ හිමිකරගනී
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද ග්‍රෑන්ඩ් ස්ලෑම් ශ්‍රේණිගත කිරීමේ කැරම් ශූරතාවලිය 2025 මැයි 24 වන දින සිට ජුනි 01 වන දින දක්වා පවත්වන ලද අතර තරඟාවලිය පුරාම ගුවන් හමුදා කැරම් කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දක්වමින් විශිෂ්ට ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් විය.
පිරිමි කේවල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදාවේ කෝප්‍රල් පීරිස් පීකේඑන් සමත් වූ අතර, ශ්‍රී ලංකා පිරිමි ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානය හිමිකරගත් අතර, කාන්තා කේවල ඉසව්වේ ගුවන් කාන්තා කාවින්දි ටීජීටී විශිෂ්ට දස්කම් දක්වමින් ශූරතාව දිනා ගත් අතර, ශ්‍රී ලංකා කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානය ද හිමිකර ගන්නා ලදී.
ගුවන් හමුදාවට තවත් කීර්තියක් එක් කරමින්, ගුවන් කාන්තා දිල්රුක්ෂි ඩබ්ලිව්ඩීඑන් කාන්තා කේවල ඉසව්වේ අනුශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකා කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානය ලබා ගත්තාය. පිරිමි කේවල කාණ්ඩයේ ගුවන් භට ෂහීඩ් එම්එච්එම් දෙවන අනුශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල 1 ස්ථානය දක්වා ඉදිරියට පැමිණියහ.
තවත් ගුවන් හමුදා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ජාතික මට්ටමින් කැපී පෙනෙන ජයග්‍රහන ලබාගත් අතර නායක ගුවන් භට වික්‍රමසිංහ, කෝප්‍රල් පෙරේරා බියුසී සහ කෝප්‍රල් පෙරේරා ආර්එච්ඒ පිරිමි ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙලින් 8, 9 සහ 14 වන ස්ථාන ලබා ගත්හ. කාන්තා අංශයේ, ගුවන් කාන්තා පීරිස් එම්එච්එම්, ගුවන් කාන්තා නිසංසලා කේඩීඑම් සහ ගුවන් කාන්තා සංජීවනී සීඑන් පිළිවෙලින් 6, 9 සහ 10 වන ස්ථාන ලබා ගත් අතර, ජාතික ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ක්‍රීඩිකාවන් 16 දෙනා අතරට පැමිණියහ.
ප්‍රතිඵල සාරාංශය
පිරිමි කේවල ශූරතාවය
කෝප්‍රල් පීරිස් පීකේඑන් (ශ්‍රී ලංකා පිරිමි ශ්‍රේණිගත කිරීම අංක 3)
කාන්තා කේවල ශූරතාවය
ගුවන් කාන්තා කාවින්දි ටීජීටී (ශ්‍රී ලංකා කාන්තා ශ්‍රේණිගත කිරීම අංක 3)
කාන්තා කේවල අනුශූරතාවය
ගුවන් කාන්තා දිල්රුක්ෂි ඩබ්ලිව්ඩීඑන් (ශ්‍රී ලංකා කාන්තා ශ්‍රේණිගත කිරීම අංක 2)
පිරිමි කේවල දෙවන අනුශූරතාවය
ගුවන් භට ෂහීඩ් එම්එච්එම් (ශ්‍රී ලංකා පිරිමි ශ්‍රේණිගත කිරීම අංක 1)