ගුවන් හමුදා වීරවිල කඳවුර 47 වන සංවත්සරය සමරනු ලබයි
ගුවන් හමුදා වීරවිල කඳවුර 2025 ජුනි 01 වන දින සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් සිදු කරමින් සිය 47 වන සංවත්සරය සමරනු ලැබීය. සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් දින සැමරුම් ආරම්භ කෙරුනු අතර එය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්.එම්.එන්.එන්. වනසිංහ විසින් සමාලෝචනය කරන ලදී. අනතුරුව දින සැමරුමට සමගාමීව ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුලත් වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.
47 වන සංවත්සරයට සමගාමීව 2025 මැයි 29 වන දින, කඳවුරු සේවා වනිතා ඒකකය විසින් වෙහෙරගල විහාරස්ථානයේ සහ සඳුන්ගම විහාරස්ථානයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කරන ලදී. 2025 මැයි 31 වන දින වීරවිල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට බස් නැවතුම්පොළවල් දෙකක් අලුත්වැඩියා කිරීමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සේවා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.