ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර KA350 ගුවන් යානය පරීක්ෂා කරයි
ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ගරු රිචඩ් මාල්ස් මහතා 2025 ජුනි 03 වන දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. පිටත්ව යන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාට සමුදීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිටි සම්භාවනීය අමුත්තන් සමග ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා එක්ව සිටියහ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු සුනිල් වටගල මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු චාරිත්‍රානුකූලව සමුදීමේ උත්සවයට සහභාගී වූහ.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පිටත්ව යාමට පෙර, ඕස්ට්‍රේලියානු රජය විසින් මෑතකදී ප්‍රදානය කරන ලද බීච්ක්‍රාෆ්ට් කිං එයාර් 350 යානය පරීක්ෂා කිරීම සඳහා විශේෂ සංචාරයක නිරත විය.
සංචාරයේ නියුතු ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යතුමන් ගුවන් හමුදාපතිතුමන් විසින් පිළිගත් අතර නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා KA 350 ගුවන් යානයේ අණදෙන නිලධාරියා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ සුහද සාකච්ඡාවල නිරත විය. අනතුරුව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නික්මයාමේදී ගුවන් හමුදාව විසින් මාර්ගපෙළ ඛන්ඩ උත්තමාචාරයක්ද පුදකරන ලදී.
මෙම අවස්ථාවට ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා, ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩොර් අසේල ජයසේකර සහ අනෙකුත් නිලධාරීන් ද සහභාගී වූහ.