ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ අංශයේ නව අණදෙන නිලධාරිවරයකු පත් කෙරේ
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ පක්ෂාංගයේ නව අණදෙන නිලධාරීවරයකු පත් කිරීම 2025 ජුනි 06 වන  පැවැත්විය .

සාම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාළිය පක්ෂාංග පරිශ්‍රයේදී සිදු විය. එයාර් කොමඩෝර් ඩබ්ලිව්.ඒ.ඩී.සී විජේසිංහ නිලධාරිතුමන් විසින් නිල වශයෙන් ගෲප් කපිතාන් එම්.එස්  කුමාරගේ නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.

ගෲප් කපිතාන් එම්.එස් කුමාරගේ නිලධාරිතුමන් මීට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් යානා භූමි සහාය සහ අවි අධ්‍යක්ෂ ලෙස සේවය කරන ලදී. එයාර් කොමඩෝර් ඩබ්ලිව්.ඒ.ඩී.සී  විජේසිංහ නිලධාරිතුමන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු අංශයේ අණදෙන නිලධාරී ලෙස රාජකාරි භාරගෙන ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි