ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට නව නිලධාරිවරයකු පත් කරන ලදී.
2025 ජුනි 11 වන දින සිට බලපැවැත්වෙන පරිදි එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ නිලධාරිතුමන් ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලදී. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 ජුනි 11 දින ගුවන් හමුදා මූලස්ථානයේදී එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ මහතා වෙත නිල වශයෙන් පත්වීමේ ලිපිය භාර දී නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයාට සිය සුභ පැතුම් එක් කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් ඩීබීවී වීරසිංහ මහතා 1990 නොවැම්බර් 03 වන දින රත්මලාන ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 8 වන බඳවා ගැනීමේ නිලධාරි කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය.

ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ අතර එහිදී විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව (ආරක්ෂක අධ්‍යයන) පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ගන්නා ලදී. පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව 1992 නොවැම්බර් 14 වන දින ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ නියමු නිලධාරියෙකු කටයුතු කරන ලදී. ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාම එයාර් වයිස් මාර්ෂල් වීරසිංහ තම ක්ෂේත්‍රයේ සුවිශේෂී කැපවීමක් සහ ප්‍රවීණතාවයක් පෙන්නුම් කර ඇත.  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් දියුණු කිරීමට දායකත්වයක් ලබා දී ඇත.

එයාර් වයිස් මාර්ෂල් වීරසිංහ නිලධාරිතුමන්ගේ වෘත්තීය විශිෂ්ටත්වයට චීන වරායේ ගුවන් හමුදා විද්‍යාපීඨයේ  කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාව, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී. එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි නිලධාරීන් සඳහා උපායමාර්ගික ඉගෙනීමේ ඉහළම ස්ථානය වන ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් "ndc" යන කීර්තිමත් නාමය ලබාගෙන ඇත.

එයාර් වයිස් මාර්ෂල් වීරසිංහ තම හමුදා ජීවිතය ආරම්භ කළේ වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අංක 111 මිනිසුන් රහිත ගුවන් යානා බලඝණයේ ගුවන් යානා භාර නිලධාරියා ලෙසය. කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ අණදෙන නිලධාරී ඇතුළු ප්‍රධාන තනතුරු රාශියක් දරන ලදී. ඒකකයේ මෙහෙයුම් සූදානම සහ තාක්‍ෂණික හැකියාවන් දියුණු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායී ක්‍රියාකාරිත්වය සඳහා ඔහුගේ උත්සාහයන් තවදුරටත් ඉහල නන්වමින් ඔහු මාණ්ඩලික නිලධාරී ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු II සහ පසුව මාණ්ඩලික නිලධාරී ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු I වැනි කාර්ය මණ්ඩල පත්වීම් සඳහා සේවය කරන ලදී.  එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ලෙස රාජකාරි සිදු කරන ලදී. මෙමගින් ඔහු ආයතනයේ ක්‍රියාකාරිත්වය සහ සංවර්ධනය සඳහා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන ලදී. ගුවන් හමුදා නිලධාරීන්ගේ පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරන ලදී. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි භාර ගැනීමට පෙර 2023 දෙසැම්බර් 27-2025 ජුනි 10 වන දින තෙක් අධ්‍යක්ෂ ජෙනරාල් ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු තනතුර දැරීය.

ඔහුගේ විශිෂ්ට සේවය සහ රාජකාරිය සඳහා කැපවීම අගයමින් එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහට කීර්තිමත් “උත්තම සේවා පදක්කම” පිරිනමන ලදී.

ඔහුගේ මෙහෙයුම් සහ තාක්ෂණික භූමිකාවන්ට අමතරව එයාර් වයිස් මාර්ෂල් වීරසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ සංචිතයේ සභාපති ධුරය ද දරනු ලබයි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි