එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගී වන සාමාජිකයින් සඳහා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් විශේෂිත සටන් පුහුණුවක් පවත්වනු ලදී.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා 11 වන බලඇණියේ සහභාගිවන්නන් සඳහා විශේෂිත සටන් පුහුණු වැඩසටහනක් 2025 ජුනි 10 වන දින අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩීඑම්ආර් දසනායකගේ අධීක්ෂණය යටතේ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී (CTS) සාර්ථකව පවත්වන ලදී. 

මෙම වැඩසටහනට  නිලධාරීන් 16 දෙනෙකු (කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සමඟ) සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව අනෙකුත් නිලයන් 86 ක් ඇතුළුව  මුලු පිරිස 102 දෙනෙකු සහභාගී විය. පුහුණු වැඩසටහන අධීක්ෂණය කරන ලද්දේ නිලධාරී අණදෙන පුහුණු ගෲප් කැප්ටන් ඒ.කේ.ඩබ්ලිව් ලක්ෂ්මන් නිලධාරිතුමන් විසිනි. පාඨමාලාව පාසලේ අනෙකුත් නිලධාරීන් සහ පළපුරුදු උපදේශකයින්ගේ සහාය ඇතිව බඳවා ගැනීමේ පුහුණු බලඝණයේ ප්‍රධාන උපදේශක ස්කොඩ්රන් ලීඩර් ආර්එම්ඒඑම් රත්නායක නිලධාරිතුමන් විසින් මෙහෙයවනු ලැබීය.

පුහුණු කාලය තුළ සහභාගි වූ පුහුණුවන්නන්හට ශාරීරික යෝග්‍යතා පුහුණුව, නිරායුධ සටන්, සරඹ, ගිනි නිවීමේ අභ්‍යාස, ගිනි දැනුවත් කිරීමේ වැඩසටහන්, අවි පුහුණුව සහ ඉලක්කයට වෙඩි තැබීම ඇතුළත් පුළුල් පුහුණු වැඩසටහනක් ආවරණය කරන ලදී.

සමාප්ති උත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී.එම්.ආර්. දසනායක නිලධාරිතුමන් පැමිණෙන ලදී. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමක සේවය කිරීමේදී වෘත්තීයභාවය, විනය සහ කැපවීමේ වැදගත්කම අවධාරණය කරමින් සියලුම සහභාගිවන්නන්ගේ කැපවීම සහ පුහුණුව සාර්ථකව නිම කිරීම පිළිබඳව ඔහු සුබ පතනලදී. පුහුණු වැඩසටහනේ සාර්ථක අවසානය සනිටුහන් කරමින් නිලධාරීන් සහ උපදේශකයින් ද මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි