ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර මගින් මලේගොඩ ප්‍රාථමික පාසලේදී පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි.
2025 ජුනි 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර මගින් මලේගොඩ ප්‍රාථමික පාසලේදී පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන තුලින් පාසල් සිසුන් 53 දෙනෙකු සදහා පොත් කට්ටල බෙදා දෙනු ලැබීය.

වසර 30 ක ගැටුමේදී ජීවිත පූජා කළ ශ්‍රී ලාංකිකයින් සැමරීම සඳහා අණදෙන නිලධාරී ගෲප් කපිතාන් මංජුල අබේවික්‍රම නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම සහ සහයෝගය යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට කඳවුරු සුභසාධන නිලධාරී වින්ග් කමාන්ඩර් රමේධ ජයවර්ධන නිලධාරිතුමන් ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි