ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 ජුනි 28 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ පරීක්ෂණය සිදු කරන ලදී.

මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රභාත් ඇලෙක්සැන්ඩර් නිලධාරිතුමන් විසින් පෙළපාළිය නිරීක්ෂණය කිරීමෙන් පසුව ගුවන් හමුදාපතිවරයා විසින් පෙළපාළිය පරීක්ෂා කරන ලදී.

මොරවැව ගුවන් හමුදා කඳවුරට සහ සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සුවිශේෂී සහ ප්‍රශංසනීය දායකත්වයක් ලබා දුන් සේවා පුද්ගලයින් දෙදෙනෙකුට ගුවන් හමුදාපතිවරයා විසින් ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

බලලත් නිලධාරී සී දිසානායක (අවි ආයුධ ශිල්පී විශේෂඥ I)
කෝප්‍රල් චානක ජීඑල් (මෙහෙයුම් බිම් II)

ගුවන් හමුදාපතිවරයා කඳවුරේ ප්‍රධාන ප්‍රදේශ කිහිපයක් නැරඹීය. ඒ අතරට කදවුරු මූලස්ථානය, නිලධාරීන්ගේ භෝජනාගාරය, අංක 34 රෙජිමේන්තු පක්ෂාංගය, රෙජිමේන්තු විශේෂ බලකා පක්ෂාංගය, ප්‍රධාන ආරක්ෂක මැදිරිය, අවි ගබඩාව, මෝටර්රථ යාන්ත්‍රික ප්‍රවාහන පක්ෂාංගය, රෝහල, කාන්තා නිලධාරීන්ගේ සහ විශේෂ පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරය, කෝප්‍රල් වරුන්ගේ සමාජ ශාලාව, ගුවන් හමුදා සාමාජිකයින්ගේ නිවස්නය, ටස්කර් බිලට්, බිලියඩ් කාමරය, සහල් මෝල සහ ගබඩාව.  සුභසාධන සංකීර්ණය ඇතුළත් විය. ගුවන් හමුදා සාමාජිකයින්ගේ භෝජනාගාරයේ පැවති සියලුම නිලයන්ගේ දිවා භෝජන සංග්‍රහයට ගුවන් හමුදාපතිවරයා සහභාගී විය.

මෙම සංචාරයේදී ගුවන් හමුදාපතිවරයා 4G සීසීටීවී පද්ධතිය සහ ඩ්‍රෝන තාක්ෂණය හරහා වන නව හදිසි තර්ජන හඳුනාගැනීමේ සහ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය සහ රෙජිමේන්තු විශේෂ බලකා මෙහෙයුම් සහ පුහුණු වීම් සඳහා භාවිතා කිරීම සඳහා ජංගම රෝහලක් ලෙස ප්‍රතිසංස්කරණය කර වෙනස් කරන ලද ගිලන් රථය නිරීක්ෂණය කරන ලදී.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාපතිතුමා සියලුම කාර්ය මණ්ඩලය අමතමින් කඳවුරේ උසස් තත්වය පවත්වා ගැනීම සඳහා ඔවුන්ගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳව අවංක කෘතඥතාව පළ කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි