2024/2025 13 වන ආරක්ෂක සේවා බේස්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම ජයග්‍රහණය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද 2024/2025 13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ බේස්බෝල් අවසන් මහා තරගය 2025 ජුනි 27 වන දින දියගම ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විණි. තරඟාවලිය ත්‍රිවිධ හමුදාව තුළම දක්ෂතා වර්ධනය වන අයුරින් තරඟකාරිත්වයෙන් සහ බේස්බෝල් ක්‍රීඩාවේ ඉහළ ගුණාංග හා දක්ෂතා ඉස්මතු කරමින් උද්යෝගිමත් අයුරින් අවසන් විය.

පිරිමි කාණ්ඩයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජයග්‍රහණය කළේ තියුණු හා උපායශීලී අවසන් තරඟයකදී ශ්‍රී ලංකා යුධ හමුදාවට එරෙහිව 4-2 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් පළමු වරට තරග ශූරතාව දිනා ගන්නා ලදී. කාන්තා කාණ්ඩයේ අනුශූරතාවය  ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම දිනා ගන්නා ලදී.  ආරක්ෂක සේවා ඉතිහාසයේ කාන්තා බේස්බෝල් තරඟාවලිය පැවැත්වූ දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර මෙම බේස්බෝල් ක්‍රීඩා තරග අත්හදා බැලීමේ පදනමක් මත පවත්වන ලද අතර එය ත්‍රිවිධ හමුදාවන්හි කාන්තා බේස්බෝල්  ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා වර්ධනය වන උනන්දුව සහ කැපවීම මේ තුලින් පිළිබිඹු කරනු ලබයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ජීඑස්ඩී වීරසූරිය නිලධාරිතුමන්  සහභාගී විය. ගුවන් හමුදා බේස්බෝල් සභාපති එයාර් කොමඩෝර් චන්දිමාල් හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේඒඩීසීආර් කන්නන්ගර යන නිලධාරිවරුන් ද සහභාගී විය. තවත් සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය උත්කර්ශවත් අයුරින් සිදු විය.

ප්‍රතිඵල සාරාංශය 

පිරිමි තරඟාවලිය


දක්ෂතම ක්‍රීඩකයා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව): කෝප්‍රල් සඳරුවන් ඩබ්ලිව්.ඩී

හොඳම පන්දු යවන්නා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව): නායක ගුවන් භට මීගොඩ එම්.කේ.එස්.සී

හොඳම පිතිකරු (ශ්‍රී ලංකා ගුවන් හමුදාව): කෝප්‍රල් ඉඳුනිල් ඩබ්ලිව් .සී

කාන්තා තරඟාවලිය


හොඳම පන්දු රකින්නා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව): කෝප්‍රල් ඩිලංගි එස්.ඒ.එච්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි