ශ්‍රීලංකා ගුවන් හමුදා රෝහල කොළඹ 11 වන සංවත්සරය සමරයි.
කොළඹ ගුවන් හමුදා රෝහල 2025 ජූලි 01 වන දින සිය 11 වන සංවත්සරය සමරනු ලැබීය. සංවත්සර දින සැමරුම් චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකින් ආරම්භ විය. එය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ටී.වී.එස්.එස් අල්විස් නිලධාරිතුමිය විසින් පරීක්ෂා කරන ලදී. සියලුම නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතමින් රෝහලේ ආරම්භයේ සිටම සංවර්ධනයට දායක වූ සැමට කෘතඥතාව පළ කරන ලදී. කැපවීමෙන් සිදුකල සේවය වෙනුවෙන් සියලුම හිටපු අණදෙන නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩලයට ඇය සිය කෘතඥතාව පළ කරන ලදී.

අණදෙන නිලධාරීතුමිය සියලුම වෛද්‍ය, සිවිල් කාර්ය මණ්ඩලයට සිය සුබ පැතුම් එක් කළ අතර රෝහලේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම සහ ක්‍රියාකාරී දායකත්වයට ස්තූති කළාය. අනාගත සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීම සදහා එහි දැක්ම සහ මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා කැපවූ කොළඹ ගුවන් හමුදා රෝහල අඛණ්ඩව සිය සේවාව පවත්වාගෙන යනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි