ගුවන් හමුදා රංග කලා පක්ෂාංගය 55 වන සංවත්සරය සමරයි
1970 දී ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම ලෙස ආරම්භ කරන ලද කටුනායක ගුවන් හමුදා කඳවුරේ රංග කලා පක්ෂාංගය 2025 ජූලි 01 වන දින එහි 55 වන සංවත්සරය සමරන ලද අතර සැමරුමට සමගාමීව හිටපු රංගන කලා අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් ජයරත්න අමරසිංහ නිළධාරීතුමනගේ මඟ පෙන්වීම යටතේ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.
පක්ෂාංගයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ නායකත්වයෙන් 2025 මැයි 30 වන දින නිලධාරීන් සහ අනෙකුත් නිලයින්ගේ සහභාගීත්වයෙන් කුරණ ශාන්ත ආනා දේවස්ථානයේ ප්‍රජා පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සිදු කරන ලද අතර 2025 ජුනි 07 වන දින රංගන කලා පක්සාංගයේ සාමාජිකයින් අනුරාධපුරයේ රුවන්වැලි සෑ සමිදු වන්දනා චාරිකාවක නිරත විය. සංචාරයේ කොටසක් ලෙස, පන්සල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් ද පවත්වන ලදී.
ප්‍රජා සත්කාරක කටයුතු අඛණ්ඩව සිදු කරමින්, රංගන කලා අංශය 2025 ජුනි 13 වන දින මෙත්සුව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී වැඩසටහනක් සිදු කල අතර වියළි සලාක, තෑගි පැකට් සහ විනෝදාස්වාද ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සහ ගුවන් හමුදා බීට් කණ්ඩායමේ සංගීත සංදර්ශන ඇතුළත් විය.
2025 ජූලි 01 සංවත්සර දින සැමරුම් උත්සවයට පක්ෂාංග පරිශ්‍රයේ පැවති සම්ප්‍රදායික වැඩ පෙළපාළිය ඇතුළත් වූ අතර, අනතුරුව පක්ෂාංගයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මිත්‍රශීලී ක්‍රිකට් තරඟයක් පැවැත්විණි.
මෙම සැමරුම් සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අසේල ජයසේකර, රංග කලා අධ්‍යක්ෂ, ගෲප් කැප්ටන් ආනන්ද කුමාරසිරි සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ අනෙකුත් අණදෙන නිලධාරීන් සහභාගී වූහ.