හම්බන්තොට නව දිස්ත්‍රික් රෝහල අසල වන ගින්න නිවා දැමීමට ගුවන් හමුදාව සහාය වේ
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ හම්බන්තොට නව දිස්ත්‍රික් රෝහල අසල 2025 අගෝස්තු 22 වන දින ඇතිවූ ගින්න  
වීරවිල ගුවන් හමුදා කඳවුර, හම්බන්තොට වරාය, තංගල්ල මහ නගර සභාව, හම්බන්තොට මහ නගර සභාව සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරේ ඒකාබද්ධ සහයෝගය ඇතිව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණය යටතේ ගිනි නිවීමේ මෙහෙයුම සිදු කරන ලදී. මෙම ආයතනවල ගිනි නිවන රථ, ජල බවුසර් සහ ගිනි නිවන කණ්ඩායම් එක්ව කටයුතු කළ අතර, පැය තුනකට ආසන්න අඛණ්ඩ උත්සාහයකින් පසු ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි