BESTWEB.LK 2025 සම්මානලාභී ගුවන් හමුදා කණ්ඩායම ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි
BestWeb.lk 2025 තරඟයේදී www.airforce.lk නියෝජනය කළ ගුවන් හමුදා කණ්ඩායම පසුගිය අගෝස්තු 29 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

LK Domain Registry විසින් සංවිධානය කරන ලද BestWeb.lk 2025 තරඟයේදී ගුවන් හමුදා වෙබ් අඩවියට සමස්ත රන් සම්මානය, රජයේ වෙබ් අඩවි කාණ්ඩයේ රන් සම්මානය සහ රජයේ වෙබ් අඩවි කාණ්ඩයේ හොඳම ජංගම පරිශීලක අත්දැකීම සඳහා වන සම්මානය පිරිනමන ලදී. විශේෂයෙන්, airforce.lk සමස්ත රන් සම්මානය ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2017 දී සමස්ත රිදී සම්මානය ලබා ඇත.

මෙම පිළිගැනීමට හේතු වූ ගුවන් හමුදා නිල වෙබ් අඩවිය නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණශීලීත්වය සහ වෘත්තීය දායකත්වය වෙනුවෙන් ගුවන් හමුදාපතිවරයා කණ්ඩායමට ප්‍රශංසා කළේය. ජාතික හා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඵලදායී ලෙස නියෝජනය කිරීම සඳහා ඩිජිටල් සන්නිවේදනයේ අඛණ්ඩ නවෝත්පාදනයේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි විසින් මෙම කණ්ඩායම මෙහෙයවන ලද අතර මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් චානක සූරියආරච්චි සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 01 වන තොරතුරු තාක්ෂණ පක්ෂාංගයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් විරංග ගුණසේකර ඇතුළු අනෙකුත් නිලධාරීන් හා සෙසු නිළයන් ඒ අවශ්ථාවට සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි